අපිට හොරු කියලා මඩ ගැහුවා.ජනතාව වෙනුවෙන් අපි ඒ අභියෝග ජයගත්තා-මහින්ද

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා ජය ලබන බවත් ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (1) පැවසුවා.

බොරැල්ල, කැම්බල් පිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළා.

මෙම මැයි රැළියත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට හැකි වූ බවත් රටේ හතර වටෙන් කැම්බල් පිටිය එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවත් රාජපක්‍ෂ මහතා පවසනවා.

තමන් ඇතුළු කණ්ඩායම හොරු බව පවසමින් මඩ ගසා බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වූවද රටෙත් ජනතාවගේ අභිලාශ වෙනුවෙන් එම සියලුම අභියෝග ජයගත් බවත් ඇතැම් පක්‍ෂ කම්කරු ජනතාව හැමදාම සටන් බිමේ ඉත්තන් හැටියට තබාගැනීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

එම පිරිසට කමිකරු ජනතාවගේ දරුවන්ගේ අනාගතය හදන්න කිසිඳු අදහසක් නොමැති බව පැවසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් කම්කරු අමාත්‍යවරයා ලෙස කම්කරුවන් වෙනුවෙන් සුබසාධන ආරම්භ කර සියයට 100 ක්ම ඔවුන් සමඟ සිටි බව ද සඳහන් කළා.

ඊළඟ ජනාධිපතිවරණෙයෙන් පසුව මේ රට ගමන් කරන්නේ කොතනටද යන තීන්දුව පිළිබඳව අද සිට ජනතාව දැනුවත් කිරීම ආරම්භ කරන බවත් ඉතිහාසයේ වැඩියෙන් වැරදි කරපු මේ රටේ අනාගත නැති කළ මිනිසුන්ගෙන් අපහාස විදගෙන ඔවුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Author

Related Posts