තේ කම්හල් 198ක් වහලා

2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000කට අධික සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇතැයි සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසනවා.

පසුගිය 2021 දී වතු කම්කරුවන් 1,33,000ක් රැකියාවේ නිරත වූ නමුත් මේ වන විට එම පිරිස 86,000 දක්වා අඩුවී ඇති බවත්, ඔවුන් බොහෝ ප්‍රමාණයක් රැකියා සඳහා කොළඹට සංක්‍රමණය වී ඇති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්ටන් සෙල්වරාජ් මහතා සඳහන් කරනවා.

වර්තමාන ජීවන වියදම හමුවේ වතු කම්කරුවන්ට රුපියල් 2000ක වැටුපක් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව පැවසු සභාපතිවරයා වර්තමානය වන විට තේ කර්මාන්තශාලා 198ක් වසා දමා තිබෙන බව පැවසුවා.

Author

Related Posts