රටේ බැංකු ගිණුම් ගැන සියඹලාපිටියගෙන් අනාවරණයක්

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.

ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60%ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි.

බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බව පැවසූ අමාත්‍යවරයා, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Author

Related Posts