විල්ගමුව, නුගවෙල ප්‍රදේශයේ බුදු කුටියක තිබී ටී 56 ගිනි අවියක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
අද ( 24) උදෑසන 7:30ට පමණ විල්ගමුව පොලිසියට මේ පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම බුදු කුටිය ඉදිරිපිට ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලක හිමිකරු විසින් මේ බව විල්ගමුව පොලිසිය දැනුවත් කරනු ලැබ තිබූ බවයි.
මෙම ගිනි අවිය මාර්තු 25 වන දා විල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ අතුරුදන් වූ ගිනි අවිය බවට සැක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.
