ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙසයි.
