හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා.
දූෂණ විරෝධී හඬ සංවිධානය පවසන්නේ මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවයි.
තවද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික ඒවා බවද එම සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික ප්‍රමාණයකින් ගෙවිය යුතු රුපියල් මිලියන දෙදහසකට වැඩි කුලී මෙසේ පැහැරහැර ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව, අධිසුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකට ගෙවිය යුතු කුලිය ලෙස ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන 2,000කට අධික බව ත් මේ වන විට මෙම වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය පවසා තිබෙනවා.
මෙම වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරුන් වගකිවයුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊට අදාළ නඩුවක් ද පවරා ඇතැයි පැවැසූ සමරසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම වාහන 2006 සිට ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ භාවිත කළ වාහන බවයි.
එමෙන් ම, මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් කල්බදු ක්‍රමයට මෙම වාහන කුලියට ගෙන තිබෙන බවද සඳහන්.
මේ අනුව වාහන භාවිත කළේ කුමන ජනාධිපතිවරුන් ද, ඔවුන් ගෙවිය යුතු මුදල කොපමණ ද, වාහන අංක ඇතුළු අදාළ තොරතුරු ඉදිරියේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම ගෙවීම් පැහැර හැරීම මත නොගෙවූ මුදලට මාසිකව අය කළ යුතු ප්‍රමාද පොළිය 3%, 4% වන මුදල් අය කිරීමට අදාළ වාහන සමාගම් කටයුතු කර ඇති බව ද ඔහු පවසනවා.
විශේෂයෙන් ම, ජනාධිපති වැය ශීර්ෂවලින් හිටපු ජනාධිපතිවරුන් කුමක් ද කළේ යන්න පිළිබඳව මෙහිදී ගැටලුවක් පැනනගින බවත් මේ අනුව අදාළ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසා තිබෙනවා.
