ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් නිසා මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මැයි 31 වනදා ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.
ඊයේ (08) ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සහ රෝහල් වෙත බෙදාහැරීමේ සිද්ධියට අදාළ නඩුව අද යළි මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලු අවස්ථාවේදී.
මෙහිදී අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු ඉල්ලා සිටියේ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප්” යන ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධ එන්නත් කිරිමෙන් පසු මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසයි.
පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම පැවසුවේ, අදාළ ප්‍රතිදේහ එන්නත් හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්ව පිළිබඳ සවිස්තරාත්මක විස්තර ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට මේ වනවිටත් මෙම අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව කරුණු සළකා බැලූ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවක්රම අදාළ වාර්තාව මැයි මස 31 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා.
