යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක වන අතර එහි සිටින පවුල් සංඛ්‍යාව 10ක්.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් කිලිනොච්චිය හා වව්නියාව දිස්ත්‍රික්කවල ඉදිකරනු ලැබූ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඉන් පවුල් 9ක් සඳහා ඉඩම් නිදහස් කර මේ වසර අවසන්වීමට පෙර නැවත පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවයි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඉන් එක් පවුලක් පමණක් ඔවුන්ගේ මුල් ඉඩම ලබාදෙන ලෙස දැඩිව ඉල්ලීම් කරන බවත් ඔවුන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශයට උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
මේ වනවිට සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1502ක් සිටින බවත් ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර ඇති බවත් සඳහන්.
ඒ අනුව ඉදිරියේදී ඔවුන්ට නිවාස ලබාදීමට නියමිත බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
