වියත්මගේ වියතුන් ගැන තිස්ස අත්තනායකගෙන් අනතුරු ඇඟවිමක්

රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළා.

පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිස් ආරක්ෂා කරගෙන විශ්වාස වන්ත පිරිස් පමණක් ඒ සඳහා එකතු කරගැනීම නුවණට හුරු බව තිස්ස අත්තනායක මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එලෙස පක්ෂයට එකතු වන අයගේ හැකියාව සහ ඔවුන්ට රටේ ඇති පිළිගැනීම තක්සේරු කළ යුතු බවයි.

එසේ ප්‍රවේශමෙන් ක්‍රියා නොකළහොත් ජනතාවගේ චෝදනාවට ලක්විය හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙනවා

Author

Related Posts