උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩ රට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කිරීමට ඒ යටතේ කටයුතු කරන බව ද සඳහන් කළා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවු අවස්ථාවේදී.
මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කළජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බව ද සඳහන් කළා.
