රූපවාහිනී මාධ්‍යයෙන් පත්තර වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැම් මාධ්‍යවේදින්ට නිවැරදිව පුවත් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියා පංතියක් පැවැත්වීමට තමන් සූදානම් බව වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඇමතිවරයා කියා සිටින්නේ පත්තරවල ලියා ඇති බොහෝ කරුණු පත්තර වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන මාධ්‍යවේදින් ඔවුන්ගේ අදහස් දමා කුහක අර්ථකථන ලබාදෙමින් ඉදිරිපත් කරනු ලබන බවයි.
මෙසේ වැරදි අර්ථකථන ලබාදෙමින් පුවත් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ ජනතාව නොමග යැවීමක් බව ඇමතිවරයා පවසනවා.
මෙවැනි මාධ්‍යවේදීන්ට එම ඉදිරිපත් කිරීම් සිදුකරන්නේ කෙසේද කියා දැනගැනීමට එන්නේනම් තමන් ඒ අයට වෙනම පංතියක් පවත්වන බව වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරනවා.
