මොරටුව කැම්පස් එකේ කඩදාසි ගැටලුවක්. විභාගයට උත්තර ලියන්න සිසුන්ට කඩදාසි ගේන්න කියලා

මොරටුව විශ්ව විද්‍යාලයේ විභාග පැවැත්වීම සඳහා එහි පරිපාලනය සිසුන්ට දැනුම් දී ඇත්තේ විභාගයේ පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරන කඩදාසි තමන් විසින්ම රැගෙන එන ලෙසයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසර සහ දෙවන වසර සිසුන් සදහා පසුගිය දා පැවති අර්ධ සමාසික විභාග සදහා අවශ්‍ය කඩදාසි එම සිසුන්ගෙන් ම ඉල්ලා ඇති බව සිසුන් පවසනවා.

කඩදාසි මිල දී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන විශ්ව විද්‍යාලය තුළ හිඟ වීම නිසා මෙලෙස සිසුන්ගෙන් කඩදාසි ඉල්ලා ඇති බව වාර්තා වන්නේ.
මෙම කඩදාසි හිඟය නිසා මීට පෙර එක් වරක් විභාගය කල් දැමීමට ද සිදුව තිබූ බව සිසුන් පවසනවා.

කඩදාසි පිළිබඳ මෙම දැනුම් දීමෙන් පසුව දෙවන වසර සිසුන් සදහා මාර්තු 28 වන දින ද, පළමු වසර සිසුන් සදහා මාර්තු 22 සහ 28 යන දින වලදී ද අදාළ විභාගය පවත්වා ඇත්තේ අවශ්‍ය කඩදාසි සිසුන්ට රැගෙන එන ලෙස උපදෙස් ලබා දී ඒවා රැගෙන ආ පසුව බවට වාර්තා වනවා.

විශ්වවිද්‍යාල ඇතුළු රජයේ විභාග සඳහා පිටතින් කඩදාසි වැනි ද්‍රව්‍ය රැගෙන ඒම මෙතෙ තහනම් කර තිබිය දී අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් පිටතින් රැගෙන එන කඩදාසි පිළිතුරු ලිවීමට යොදා ගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කිරීම ගැටලු සහගත බ විශ්වවිද්‍යාල සිසුන් පවසනව‍ා.

“අපිට පණිවිඩයක් එවලා තිබුණා විභාගය සඳහා උත්තර ලියන්න කඩදාසි ගන්න සල්ලි නැහැ ඒ නිසා අවශ්‍ය කඩදාසි අපෙන් එකතු කරලා දෙන්න කියලා. ඒ කියන්නේ අපේ බැජ් එකේ ළමයින්ට විභාගය ලියන්නනම් කඩදාසි අරන් දෙන්න කියලා. අන්තිමට ළමයි කඩදාසි අරගෙන ගිය නිසා විභාගය ලියන්න දුන්නා” යි මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් සඳහන් කරනවා

Author

Related Posts