ජන අරගල ව්‍යාපාරයේ ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි යන තිදෙනාට අද ඇප හිමි වුණා.

ඔවුන් අද (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුරදී ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
