ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී තිබෙන බවට වාර්තා වනවා.
මීට දින 6කට ඉහත දී පසුගිය (27) රාත්රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබුණා.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
පසුගිය (27) වැනිදින ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කිරීමත් සමඟම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවසට ගොස් තිබුණා.
