සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමා තිබෙන නමුත් හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සේවාවවෙන් ඉවත්විමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබෙන බව පවසනවා.
එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද (01)පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩ වර්ජනය හෙට උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි.
ඉදිරි පැය කීපය තුල මෙම ගැටලුව විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය තවදුරටත් පවසා සිටිනවා.
ඒ අනුව හෙට වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් පහතින්,
ශ්‍රී ලංකා ජාතික රෝහල,
කරාපිටිය ශික්ෂණ රෝහල,
යාපනය ශික්ෂණ රෝහල,
මඩකලපුව ශික්ෂණ රෝහල,
පේරාදෙණිය ශික්ෂණ රෝහල,
ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,
කෑගල්ල මහ රෝහල,
පොළොන්නරුව මහ රෝහල,
මන්නාරම මූලික රෝහල,
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,
