කණේ වේදනාවට දුන් එන්නත ආසාත්මකයි! රෝගියෙක් මරුට! පරීක්ෂණයක් පටන් ගත්තාලු!

කනේ ඇති වු වේදනාවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනිමට රාගම ශික්ෂණ රෝහලේ 21 වන වාට්ටුවට පසුගිය 22 වනදා ඇතුලු වු පුද්ගලයෙකු ප්‍රතිජීවක එන්නත් මාත්‍රාවක් දීමෙන් අනතුරුව මිය යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම රාගම ශික්ෂණ රෝහලද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්බ කර තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක සම්පත් ජයවීර මහතා පවසනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ දෙණියාය ප්‍රදේශයේ පදිංචි කඳාන ප්‍රදේශයේ නේවාසික රැකියාවක නිරත වූ පුද්ගලයෙක්.

ඔහු රාගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශ මත පැය අටෙන් අට කෝඇමොක්සිලේව් නැමති ප්‍රතිජීවක ඖෂධය එන්නත් කර තිබෙනවා.

ඒ අනුව එකළොස්වන එන්නත ලබාදිමෙන් පසුව ඔහුට ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය 27 වනදා රෝගියා මියගොස් තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් රාගම රෝහලේ අධ්‍යක්ෂකවරය පවසා සිටියේ,

”රාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් පක්ෂාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දි ශරිරයේ පටක කොටස් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

අපේ රෝහලට දවසකට රෝගින් 450-500ක් නේවාසික රෝගීන් ලෙස ප්‍රතිකාර ගැනිමට එනවා.වසරකට එක්ලක්ෂ හැටදාහක් පමණ රෝගින් මේ රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාරගෙන රෝහලෙන් පිටව යනවා.මෙ අතරින් එක්කෙනෙක් හොා් දෙන්නෙක් අවාසනාවට හෝ මියගියොත් ඒකට රෝහලට හෝ වෛද්‍යවරයාට දොස් කියා පලක් නැ.මේ රෝගියාට පැය අටෙන් අට මේ මාත්‍රාවෙන් එන්නත් දහයක් දි තිබුණා.ඔහු සාමන්‍ය අන්දමින් සාමාන්‍ය වාට්ටුවක හිටියෙ.එකොලොස්වන එන්නතේදි තමයි සංකූලතා ඇති වුණේ.එන්නතේ වරදක් නම් පළවෙනි හෝ දෙවනි එන්නතේදී ආසාත්මිකතා ඇතිවිය යුතුයි.කෙසේනමුත් මේ වෛද්‍ය පරීක්ශණ කරන අතරෙ ඒ ගැන හොයන්නෙ නැතුව විවේචන එල්ල කිරිමෙන් හෑල්ලුවට ලක්වෙන්නෙ මෙරට නිදහස් සෞඛ්‍ය ක්ශේත්‍රයයි.

අපේ රෝහලේ විතරක් නොවෙ මුලු දිවයිනේමත්,ලෝකයපුරා රෝහල්වලත් මේ එන්නත භාවිතයෙන් ඉවත් කර නැහැ.මේ ඖෂධය ගැනෙමින් පසුව සුවය ලැබු පිරිස විශාලයි.මේ රෝගියාගෙ මරණයට හේතුව සිරුරු කොටස් පරික්ශා කිරිමෙන් පසුව දැනගැනිමට හැකිවෙවි.මොකද වෛද්‍ය විද්‍යාවට බොරු කරන්න බැ.පුද්ගලයෙකුගෙ ශරිර ක්‍රියාකාරම් එකිනෙකට වෙනස්.සත්‍ය හෙළිවනතුරු අපි බලාසිටිනවා.”

Author

Related Posts