ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ තොරතුරු තහවුරු කරගනිමින් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් නඩු කටයුතු නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී ස්ථිර ලෙසම තහවුරු කරගැනීමක් සිදුවී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන ඔහුගේ නිවසේදී වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණා.
