රට ගොඩ ගැනිමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්විම වඩා සුදුසු බවත් රට ගොඩ ගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකින් රටට ස්ථාවර ආණ්ඩුවක් පත් නොවනු ඇති බවයි.
රට මුහුණදෙන තත්වයෙන් ගොඩගැනිමට නම් ස්ථාවර ආණ්ඩුවක් පත්විය යුතු බවත් එය පත්කර ගත හැක්කේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමෙන් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වු රට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා යළි ස්ථාවර කළ බව පැවසු රණතුංග මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දියයුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම සඳහා පොහොට්ටුවට අපේක්ෂකයෙක් නොමැති බවත් කියා සිටියා.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (28) නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ මෙම කරුණු අනාවරණය කර තිබුණා.
මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් වඩාත් හොද බවයි.
එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත්විම සඳහා තවත් කල් තිබෙන බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.
