නියඟය නිසා පුද්ගලයින් 14,000 වතුර නැහැ

නියං සහිත කාළගුණ තත්වය හේතුවෙන් පානිය ජලය නොමැතිව දිවයින පුරා පවුල් 4,125කට අයත් 14,044 දෙනෙකු පිඩාවට ලක්ව තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් වැඩිම බලපෑම සිදුව තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,415 ක 11,124දෙනෙකු පානිය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2351 කට අයත් 7,053දෙනෙකු ද, මහර ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ පවුල් 917කට අයත් 3,655දෙනෙකු ද, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25කට අයත් 79 ද, මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122කට අයත් 337දෙනෙකු ද ,පානිය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව සඳහන්.

මෙයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 710ක 2,920ක පානීය ජලය නොමැතිව පිඩාවට පත්ව සිටින බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

එම පිරිස වරකාපොළ , රුවන්වැල්ල,යටියන්තොට,දැරණියගල,දෙහිඕවිට,ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වනවා.

Author

Related Posts