මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග ජාලය,අධිවේගි මාර්ග සතු ඉඩම්, අධිවේගි මාර්ග ණය සහ අදාළ කර්යමණ්ඩලය වඩාත් වානිජමය ලෙස කළමණාකරණය කිරිමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කර සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පාලනය පැවරිමට රජය විසින් තීරණය කර තිබෙනවා.
ලබන අප්‍රේල් මස 01වනදා සිට අධිවේගී මාර්ග වල මෙහෙයුම් කටයුතු හා කළමණාකරණ කටයුතු ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පවරාදීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන තිබෙන තීරණය එක්සත් පොදු සේවක සංගමය දැඩිලෙස හෙළා දකිනවා.
පසුගිය වසරේ නොවැම්බර් මස 23 වන දින සමස්ථ සේවක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ පෞද්ගලිකරනය කිරිමේ සැලැස්මට විරෝධය දක්වමින් ආණ්ඩුවේ සැලැස්ම අත්හිටුවිමට සමත් වුවත් නැවතත් මාර්ග සංවර්ධන අධිකාරියේ පෞද්ගලිකරනය කිරිමේ සැලැස්ම හොරපාරේම ක්‍රියාත්මක කිරිමට කටයුතු කරමින් සිටින බව එක්සත් පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සමස්ථ කාර්ය මණ්ඩලයේ රැකියා අනතුරට හෙළමින් ආයතනය සතු සියලු සම්පත් සියල්ල සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරිම වළක්වාලිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට වෘත්තිය සමිති සාකච්ඡාවක් කැඳවිමට එක්සත් පොදු සේවක සංගමය තීරණය කර තිබෙන බව අදාළ නිවේදනයේ සඳහන්.
