කොළඹ ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සංවර්ධනයට චීනය සූදානම්

කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරිමට චීනය සහය දෙන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා කරනවා.

එහි සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (27) සිදු වු සාකච්ඡාවේදි මේ පිළිබඳ සඳහන් කළ බවයි.

ජපානයේ අරමුදල් සහිත, කොළඹ ගුවන්තොටුපල පුලුල් කිරිමට නියමිතව තිබුණද ශ්‍රී ලංකාවේ සෛරී ණය පැහැර හැරිමෙන් පසු එය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව එහි සංවර්ධන කටයුතු වලට චීනය සහය දෙන බව ඊයේ පැවති ශ්‍රී ලංකා චීන අග්‍රාමාත්‍යවරුන් හමුවේ දි තිරණය වි තිබුණා.

අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා උපුටා දක්වමින් South China Morning Post වෙබ් අඩවියේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලම ද්විපාර්ශික ණය හිමියා වන චීනය , ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා සහය දෙන බවට පැවසු බවයි.

Author

Related Posts