එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට පන්දහසකට වැඩි ජනකායක් සහභාගි කරවන බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (26) පවසා තිබුණා.
මෙවර මැයි දින රැලිය කොළඔ පංචිකාවත්ත , මරදාන ප්‍රෙද්ශ ආශ්‍රිතව පැවැත්විමට සැළසුම් කර තිබෙන බව පැවසු මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය සාර්ථක කර ගැනිමට කලාප සංවිධායකවරුන් දහසකට භාරදි තිබෙන බවද සඳහන්කළා.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකදී මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියා.
මීට අමතරව එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 06වනදා අනුරාධපුරයේදී තරුණ වැඩසටහනක්ද ,ජනපතිවරයා ඇතුළු පක්ෂ ප්‍රධානින් 07 වැනිදා දවස පුරා මහනුවර ප්‍රෙද්ශයේ සංචාරය කරමින් ජනතාවගේ ගැටලු සොයා බැලිමට නියමිත බව රංගේ බණ්ඩාර මහතා පවසනවා.
මහලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජනබලවේගය හා එක්වු බොහෝදෙනෙකු යළි එක්වෙමින් සිටින බවත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ එවනි හමුවිම් දිනපතා සිදුවන බවයි.

