චීනෙන්, පේරේට තෑග්ගක්

චීන රජය විසින් රුපියල් කෝටි 400 ක් වැය කොට ඉදිකළ දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පවරා දීම අද (26) සිදු කෙරුණා.

චීන – ශ්‍රී ලංකා ජල පර්යේෂණ මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති එය පවරා දීමේ අවස්ථාවට චීන විද්‍යා ඇකඩමියේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිංග් යැන්ග් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ එක්ව සිට තිබෙනවා.

මෙමගින් ජලය සම්බන්ධ සියලු‍ම පර්යේෂණ කටයුතු මෙන්ම පාංශු, වායු ගෝලය, පාරිසරික දූෂණ, සෞඛ්‍යමය ගැටළු ඇතුළු පුළුල් පරාසයක් තුළ‍ පර්යේෂණ සිදු කිරීමට හැකියාව හිමිවනවා.

මෙම ආයතනය මගින් විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොව උසස් පෙළ පාසල් සිසුන්ට, උසස් අධ්‍යාපනය හදාරණ සිසුන්ට, විදෙස් සිසුන්ට අවශ්‍ය සියලු‍ම අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා අවස්ථාව සැලසෙන බව සදහන්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading