රාජ්‍ය ගිණුම් කාරක සභා නිර්දේශ වලට අනුව, නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා
එමෙන්ම 70% කින් වැඩි කර ගත් වැටුප සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය සහ වෘත්තිකයන් බහුතරය ඒකාබද්ධ තීරණයකට පැමිණ ඇති බවද වාර්තා වෙනවා.
වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහජනතාව අතර පවතින කතිකාව පිළිබඳ සලකා මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසනවා.
වැටුප් වැඩි කිරීම සලකා බැලීමට මහ බැංකු අධිපතිවරයාගේ ද එකඟත්වය මත මුදල් ඇමැතිවරයා විසින් ස්වාධීන කමිටුවක් කඩිනමින් පත් කරනු ලැබිය යුතු අතර එම වාර්තාව සති හතරක් ඇතුළත මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවටද රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.
