පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති මෛත්‍රී CID ඇවිල්ලා

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තහමුවට පැමිණ තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළවයි.

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වැනිදා ප්‍රකාශ කළා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

මේ අතර , හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල්කරගනිමින් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙන අතර මගෙන් රටට සංවිධානයද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවට වාර්තා වනවා.

Author

Related Posts