දවසින් දවස උණුසුම් වන ඉන්දිය ධිවර ගැටලුව

ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු වහාම නිදහස් කරගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින්, ඉන්දීය මධ්‍යම විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගෙන් ඉල්ලා තිබෙනවා.

එසේම අදාළ ධීවරයින්ට අවශ්‍ය නීතිමය සහය ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

ඔහු පවසන්නේ පසුගිය සති දෙක තුළ පමණක් ධීවරයින් 76 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන්දියාවේ මැතිවරණයක් පවතින අවස්ථාවක ඔහු මෙලෙස ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට මැදිහත් වීම ද විශේෂත්වයක්.

මේ අතර පසුගිය 20 වන දින මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමග ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

එදින රාත්‍රී කාලයේ තලෛයිමන්නාරමට හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් අදාළ ඉන්දීය යාත්‍රා සමග ධීවරයන් පිරිස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා විසි තුනක් සහ ඉන්දීය ධීවරයින් 178 නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

Author

Related Posts