විරෝධතා කළ ජන අරගල නායකයන් 27 දක්වා ආයෙමත් හිරේ දැමීමට මහේස්ත්‍රාත් තිලිණ කටයුතු කරයි

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත අධික බදු බර පටවමින් ණය හිමියන්ගේ වුවමනා සන්තර්පණය කිරීම, සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම, රාජ්‍ය සේවාවන් ව්‍යාපාරිකයන්ට විකිණීම ඇතුළු ක්‍රියාවලියට එරෙහිව සාමකාමී විරෝධයකට සහභාගී වීමේදී කර ඇතැයි කී වැරදිවලට 27 වැනිදා දක්වා මෙම නායකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබෙන්නේ, හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහායැයි පොලීසිය කළ ඉල්ලීමක් මත.

එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන බවට කොටුව පොලීසිය කළ දැනුම්දීමට අනුවයි.


ඒ අනුව එම පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඔවුන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුට ගත් 33 දෙනාගෙන් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු පෙරට්ටුවට නියමිත සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Author

Related Posts