අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
අද (22) මහනුවරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.
ජනතා බලයක් නොමැති අර්බුදකාරී අන්තිම පහත් තත්ත්වයට පත් වූ පාර්ලිමේන්තුවක් අද තිබෙන බවත් මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා නියමිත වේලාවට මහ මැතිවරණ, ජනාධිපතිවරණ පැවැත්විය යුතු බවත් සිරිසේන මහතා මෙහිදී පවසා සිටියා.
ඒ පත්වන නව රජය ජනතාවගේ දැවෙන ප්‍රශ්න කෙරේ මූලික අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළා.
අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියයට පනහකටත් වඩා අන්ත දූෂිතයෝ. හොරු වංචාකාරයන් බව පැවසු හිටපු ජනාධිපතිවරයා මෙම පිරිස නැවත පත් නොකිරීමට ජනතාවට වගකීමක් තිබෙන බව සඳහන් කළා.
2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත්වෙලා රට හොද තැනකට ගෙනියන වැඩපිළිවෙළ සඳහා අවස්ථාවක් හිමි නොවු බව සඳහන් කරන සිරිසේන මහතා තමා මාස එක හමාරකට අඩුකාලක් කටයුතු කළේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සහයෝගය නොමැතිව බව සඳහන් කළා.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුකළේ කව්රුන්ද යන්න තමා දන්නා බවත් අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පමණක් එම නම් හෙළි කරන බවත් එලෙස හෙළිකරන නම් විනිසුරුවරුන් විසින් රහසේ තබා ගැනිම ඔවුන්ගේ වගකිමක් බවද පවසා සිටියා.
”මේ රට විනාශ කරේ අවුල් කරේ රාජපක්ෂලා කියන එක පිළිබඳ තර්කයක් නෑ. නමුත් පුදුමය කියන්නේ අදටත් සමහර මිනිස්සු රාජපක්ෂලගේ පස්සේ යනවා. රාජපක්ෂලාගේ පාලන සමයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ මගේ පාලන කාලේ දාපු නඩු 46 ක් ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ නිදොස් කොට නිදහස් කරගත්තා. මහා බැංකුව විනාශ කරපු අර්ජුන මහේන්ද්‍ර ඇතුළු කණ්ඩායමට දාපු නඩුව පසුගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළා. මම අධිකරණ තීන්දු වලට අභියෝග කරන්නේ නෑ.ගරු කරනවා. නමුත් ඒවාට අවශ්‍ය ව්‍යාජ ලිය කියවිලි ඔක්කොම හදලා. අර්ජුන මහේන්ද්‍ර ඇතුළු 10 දෙනෙක් නිදහස් කලා. හැබැයි දැන් මේ රටේ දේශප්‍රේමීන් පිරිසක් නැවතත් ඒ නඩුව ඇපිල් කරලා තියෙනවා. අපේ පක්ෂයේ කීපදෙනෙක් ඇමතිකම්වලට කෑදරකමින් රජයට ගිහිල්ලා ඇමතිකම් අරගෙන අද විශාල අර්බුදයක් මතුවෙලා තියෙනවා. හෙට අනිද්දට අපි ඒ ප්රශ්නය විසඳගන්නවා. ඒ අයට කැමති නම් රජයටම වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අපි ළඟට එන්න පුළුවන්. ඕන තැනකට ගියත් අපිට කමක් නෑ, අපේ පක්ෂයට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව.”

