රට යළි බංකොලොත් වෙනවා-ජනාධිපති

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඊට අදාළව නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අරමුණින් රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව ජනපති සඳහන් කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කෑගල්ලේ පැවති උත්සවයකට ඊයේ (20) සහභාගී වෙමින්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading