කඳුකර දෙමළ ජනතාවට අලුත් නමක්

ඉන්දියානු දෙමළ වශයෙන් මෙතෙක් කලක් හැඳින්වූ ඉන්දීය සම්භවයක් සහිත මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාව මින් ඉදිරියට ‘මලෙයහ තමිලර්’ හෙවත් කඳුකර දෙමළ ජනතාව වශයෙන් හැඳින්වීමට රජය තීරණය කර තිබෙන බව ජල සම්පාදන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

මීළඟ ජන සංගණනයේදී එම වෙනස සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එකඟතාව පළ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙම වෙනස සිදු කිරීමට හැකියාව ලැබුණේ දේශපාලනඥයන්ගේ උත්සහය නිසා නොවන බවත් මෙරට සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන්ගේ හා පොදු මහජනතාවගේ උත්සහය මත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවද එළඹෙන දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ ජන්ම දින සැමරුම් දිනයේදී කඳුකරයේ ජීවත්වන පවුල් 176,000ක් වෙනුවෙන් ස්වර්ණභූමි ඔප්පු ප්‍රදානය කිරීමට නියමිත බව ජීවන් තොණ්ඩමන් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ හැටන් ප්‍රදේශයේදී ඉකුත් දා පැවති උත්සවයකදී.

Author

Related Posts