කෝප් කමිටුව හැරයෑමේ රැල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එසේම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බව මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා මෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙන බවට වාර්තා වනවා.

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉල්ලා අස්වි තිබුණා.

ඒ අනුව කෝප් කමිටුවේ සාමාජිකයන් සියලු දෙනාම පාහේ එම කමිටුව හැරයෑමේ රැල්ලක් දක්නට ලැබෙනවා.

Author

Related Posts