කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර තිබෙනවා.
එළඹෙන 21 වන බ්රහස්පතින්දා දිනයේ ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.
එසේම, ගොවීන්ගේ වී මිලදී ගැනිම සම්බන්ධ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 22වන සිකුරාදා දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.
ඒ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එළඹෙන 21 වන බ්රහස්පතින්දා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

