2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බව රජය පවසනවා.
ඒ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.
එම නිර්දේශයන්ට අනුව මහමැතිවරණයකින් පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 165 දෙනෙකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කර ගැනීමටත්, ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා පත් කර ගැනීම සඳහා යෝජනා කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණා.
