විදුලි ලොක්කෝ කෝප් කමිටුව හමුවට

විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවෙන පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.

ජනතා වතු සංවර්ධන අධිකාරිය ලබන 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබුණද එය අවලංගු කර තිබෙනවා.

මේ අතර දූෂණ වංචා අක්‍රමිකතා තදින්ම පවතින්නේ යැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති රාජ්‍ය ආයතන ඉදිරියේ දී ඉහළ ප්‍රමුඛත්වය දක්වා කැඳවා ප්‍රශ්න කිරීමට කෝප් කමිටු නව සභාපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

Author

Related Posts