දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 107 පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් දෙමළ භාෂාවෙන් සේවා ලබා ගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ පොලිස් සහාය ලබාගත හැකි බවයි.
