ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමට සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව USD මිලියන 100 ක ණයක් අනුමත කර තිබෙනවා.
එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්, රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයන අතර ජනගහනයෙන් 45% ක් සේවයේ නිරතවෙන බව ADB ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය සඳහන් කරනවා.
එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට, ආර්ථිකයට අංශයේ දායකත්වය පවත්වා ගැනීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම වැදගත් වන බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් කාරක ප්රාග්ධනය ලබා දෙන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙන බවත් සඳහන්.
