ගෝඨාභයට කුඩා දරුවෙකුගේ තරම්වත් කළමනාකරණ හැකියාවක් නැහැ-මුරුත්තෙට්ටුවේ හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කුඩා දරුවෙකුගේ තරම්වත් කළමනාකරණ හැකියාවක් නොතිබුණු බව නාරාහේන්පිට අභයරාමාධිපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ජන අරගලයේ දෝංකාරය නැමති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමින්.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්දයාපා අබේවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් කිරීමට තමන් ඇතුලු මහා සංඝරත්නය කැපවීමෙන් කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පරිපාලන නොහැකියාව මත රාජපක්ෂවරුන්ට තිබුණු ගෞරවයද බිඳ වැටුනු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

Author

Related Posts