විනිසුරු පුරප්පාඩු ඉහළ යාම ගැන නීතීඥ සංගමයේ කණගාටුව

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළ යාම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම ගැටලුව තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළා.

එය අධිකරණය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සැලකිය යුතු බාධා එල්ල කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පසුගියදා විශ්‍රාම යෑමත් සමග ගැටලුව තවත් උග්‍ර වී ඇති බව නීතීඥ සංගමය අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එම නිසා උපරිමාධිකරණවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව එම සංගමය අවධාරණය කරනවා.

Author

Related Posts