විමල්ගේ සන්ධානයක් අප්‍රේල්වලදී

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අප්‍රේල් මාසයේදී නව සන්ධානයක් එළිදැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එම සන්ධානයට මේ වන විට උත්තර ලංකා සභාගය තුළ කටයුතු කරන පක්ෂ ඇතුළු නව ප්‍රබල දේශපාලන පක්ෂ කිහිපයක් එක්වීමට නියමිත බව ප්‍රකාශ කෙරෙනවා.

මාර්තු 23 වැනිදා උත්තර ලංකා සභාගය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එය ‘මහජන පෙළගැස්ම‘ ලෙස නම් කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වාසුදේව නානායක්කාරගේ නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, උදය ගම්මන්පිළගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක උත්තර ලංකා සභාගය තුළ කටයුතු කරනවා.

Author

Related Posts