රනිල්ගේ රැළියේදී මාව මුලා කළා! නවීන් දිසානායක දුකින්

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කුරුණෑගලදි ඊයේ (10) සංවිධානය කළ ජනාධිපතිවරයා සහභාගී වූ එජාප ජන රැලියේ දී තමාව මුලාවට පත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සහ වත්මන් සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා චෝදනා කරනවා.

ඊයේ පැවති රැස්වීමේ දි තමන්ට කතාවක් ලබා දී ඇති බව එහි සංවිධායක මණ්ඩලය තමන්ට පවසා තිබුණද පසුව එය කපා හැර ඇති බවත්පක්ෂය වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගනු ලබන්නේ කවුරුන්ද යන්න තමන් පුදුම වන බවත් ඔහු සිය X පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

මේ පිළිබඳව එජාප ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ ,

‘මේ වැඩේ වැරදියි. අකිලට බැහැ නවීන් ව කපන්න. නවීන් කියන්නේ මේ පක්ෂය වෙනුවෙන් ජීවිතය දුන්න ගාමිණීගේ පුතා. කරූගේ බෑණා. මයන්තගේ අය්යා. ඔහු සහ එජාපයට තියෙන්නේ ලේ නෑ කමක්. මේ වැඩ ගැන කියන්නේ ‘පුදන කොටම කාපී යකා’ කියලා”

Author

Related Posts