අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර තිබෙනවා.

ඊයේ (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ සබරගම විශ්වවිද්‍යාලයේ බුද්ධික නිමල ප්‍රභාෂ් අද (07) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

Author

Related Posts