විරෝධතාවයේ නිරත වූ ධීවරයෝ ඉල්ලා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ පැමිණිම නිසා සතියකට උතුරේ ධීවරයින්ට රුපියල් කෝටි දෙකක පමණ අලාභයක් සිදුවන බැවින් ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම වළක්වා දෙන ලෙසයි.
යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටට මුලින්ම එක් වූ ධීවර නියෝජිතයින් එම ස්ථානයේ විරෝධතාවයක් දක්වා දිසාපතිවරයාට ලිපියක් බාර දී පා ගමනින් නියෝජ්‍ය ඉන්දිය මහ කොමසාරිස් කාර්යලය දක්වා ගමන් කර කාර්යාලය වටලා විරෝධතවයේ නිරතව තිබුණා.
පොලීසිය පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සහ කළද ඔවුන් කියා සිටියේ එහි සිටින නිලධාරීන්ට මෙම අසාධාරණය ගැන තොරතුරු පැවසිය යුතු බවයි.
ඒ අනුව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යලයේ නිලධාරියෙකු පැමිණ යාපනයේ ධීවර සමිති සාමාජිකයින් සම සාකච්ඡා කර ධීවරයින්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපිය බාර ගෙන තිබුණා.
යාපනයේ ධීවර සමීති නායකයින්ට එම නිලධාරියා ප්‍රකශ කොට තිබුණේ මෙම ඉන්දීය ධීවරයින්ගේ ප්රශ්නය පිළිබදව රටවල් දෙකටම ඉතා හොඳ අවබෝධයක් පවතින නිසා ඉතා ඉක්මනින්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කොට ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන බවයි.

