ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසනවා.
මෙම සිද්ධිය “The Lancet Infectious Diseases” ජර්නලයේ සඳහන්.
එම පුද්ගලයා විසින් මාත්‍රා පුද්ගලිකව මිලදී ගෙන මාස 29ක් ඇතුළත එන්නත් කර තිබූ බව එහි සඳහන් වනවා.
එම පුද්ගලයාට එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධ ඇතිවී නොමැති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් පැවසුවා.

