ශිෂ්‍ය සංගම් කිහිපයක් අද (05) කොළඹ පැවැත්වීමට නියමිත පාගමනක් හා විරෝධතාවයක් වළක්වන ලෙස පවසමින් කුරුඳුවත්ත පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අද දහවල් කාලයේ ආරම්භ කිරීමට නියමිත අදාළ විරෝධතාවය හා පාගමන හේතුවෙන් මහජන පීඩාවක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින් කුරුඳුවත්ත පොලීසිය එම වාරණ නියෝගය ඉල්ලා සිටියා.
මහජනතාවයට යම් පීඩාවක් සිදුවන්නේ නම්, පොලිස් ආඥාපනත යටතේ අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට බලය ඇති බවත්, ඒ සඳහා අධිකරණ නියෝග අනවශ්‍ය බවත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
