කොළඹ දුම්රිය ස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට විකිණිමේ සුදානමක්

කොළඹ නගරය ආශ්‍රිත දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයට විකිණීමට කැබිනට් මණ්ඩලය විසින් තීන්දු කර තිබෙනවා .

එය කැබිනට් තීන්දුවල ‘රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදි කිරීමක්’ ලෙස හඳුන්වා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති, රාජ්‍ය සමාගම් පෞද්ගලිකකරණය සහ දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තු සතු සම්පත් විකුණා දැමීමට එරෙහිව වෘත්තිය සමිති එක්ව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

විවිධ ක්ෂේත්‍රවල වෘත්තිය සමිති 40කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වන එම ව්‍යාපාරය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිතිද සිටිනවා.

Author

Related Posts