බිල් ගෙවන්න සල්ලි නැති නිසා තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි කර තිබෙන බවට වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව ගම්වාසින් පවසනවා.

විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

තමන් මුහුණ දී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව ගම්වාසින් පවසනවා

තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා තිබෙන බවට වාර්තා වනවා.

Author

Related Posts