ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනයේ ධීවරයින් විරෝධතාවක

ඉන්දීය ධිවරයින උතුරු මුහුදු සීමාවට බලහත්කරයෙන් ඇතුළු වීමසුන් මැරීමට විරෝධතාව පළ කරමින් උතුරේ ධීවරයන් සිය ගණනක් ශ්‍රී ලංකා -ඉන්දිය මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු කලාපයේ ඊයේ (03) විරෝධතාවක් දක්වා තිබුණා.

බෝට්ටු ගණනාවකින් එම මුහුදු කලාපයට ගිය උතුරේ ධීවරයෝ කළු කොඩි ඔසවමින් ඉන්දීය ධීවරයින්ට සිය විරෝධය පළ කර තිබෙනවා.

මින් ඉදිරියටත් ඉන්දීය ධීවරයින් උතුරේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමේ නිරත වන්නේ නම් මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් ඉන්දීය ධිවරයින්ට එරෙහිව ගන්නා බව උතුරේ ධිවරයින් පවසනවා.

මෙම ඉන්දීය ධිවර ගැටලුව නිසා යාපනය , මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින අතර , ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මත්ස්‍ය ජාවාරම නවතා දෙන ලෙසට ඉල්ලිම් කරමින් යාපනය දිස්ත්‍රික් ධීවරයින් පසුගිය සති කිහිපයේම විරෝධතා වැඩසටහන් පවත්වා තිබුණා.

මෙම විරෝධතාව සඳහා යාපනය, මුලතිව් , මන්නාර්ම ,කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි ධීවර සංගම් නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.

Author

Related Posts