හංවැල්ලේ වෙඩිතැබීමක්.එක් අයෙක් මරුට

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරය එල්ලවි තිබෙන බව පොලිසිය පවසනවා.

වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර තිබෙන අතර, එහිදී එක් අයෙක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයා බව පොලිසිය පවසනවා.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Author

Related Posts