මට පාර්ලිමේන්තුවට එන්න බැහැ-කෙහෙළිය

බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙන බවට වාර්තා වනවා.

අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව එම ලිපිය මඟින් දන්වා තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු කටයුතු සූදානම් කර තිබුණා.

රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටිනවා

අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළේ ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

Author

Related Posts