කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කරලා

කළුතර නගරයේ අනවසර කඩ ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා කාලය තුළ ඉවත් කර තිබෙනවා.

කළුතර ගාලු පාර , දුම්රිය නැවතුම්පොළ පාරේ සහ කළුතර ගබඩාව පාර ඇතුළු නගර මධ්‍යයේ තැන තැන තිබූ වෙළද සැල් 250 ක් පමණ මෙලෙස කඩාදමා තිබෙන බවට වාර්තා වනවා.

කළුතර නගර සභාව, කළුතර පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයින් සීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව තිබෙනවා.

වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳසැල් හිමියන් රාත්‍රී කාලයේ නිවාස වලට ගොස් සිට තිබෙන අතර,වෙළදුන් කිහිපදෙනෙක් එම අවස්ථාවේ එහි රැඳී සිට ඇති බවද වාර්තා වෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading